![]() |
ශ්‍රී ලංකාවේ භූගෝලීය නාම ප්රමිතිකරණය කිරීමභූගෝලීය නාම වෙබ් අඩවියමිනින්දෝරු දෙපාර්තමේන්තුව |
![]() |
![]() |
ජාතික හා අන්තර්ජාතික මට්ටමේ කටයුතු වලදී මෙන්ම රාජකාරිමය, පරිපාලනමය, විද්‍යාත්මක, නීතිමය, අධ්‍යාපන, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය යනාදී විවිධ කටයුතු වලදී භූගෝලීය නාම භාවිත කරනු ලැබේ. මෙම සියලු අවස්ථාවලදී නිල වශයෙන් පිළිගත් භූගෝලීය නාම සියලු දෙනා විසින් භාවිත කිරීම මගින් ගැටළු අවම කර ගත හැකි අතරම විශ්වාසනීයත්වය වැඩි දියුණු කළ හැක. එබැවින් බොහෝ රටවල් ප්‍රමිතීකරණය කරන ලද භූගෝලීය නාම නිල වශයෙන් භාවිත කිරීමට කටයුතු කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේද භූගෝලීය නාම ප්රමිතිකරණය කිරීමේ කටයුතු මේ වන විට සිදුකරමින් පවතී.
|
![]() |
පහත දැක්වෙන අයිතමයන් හැඳින්වීම සඳහා භාවිත වන නාමයන් මෙහිදී භූගෝලීය නාම ලෙස හඳුන්වනු ලැබේ.
1. ග්‍රාම නාම, පරිපාලන ඒකක නාම, ස්ථාන නාම යනාදියනිසි අනුමැතිය ලත් කණ්ඩායමක් විසින් විශේෂිත වූ සම්මතයන් හෝ ප්රතිමානයන් උපයෝගී කරගෙන සම තත්වයන් යටතේ භූගෝලීය නාම හඳුන්වා දීම භූගෝලීය නාම ප්‍රමිතීකරණය වේ. ශ්‍රී ලංකාවේ පවතින භූගෝලීය නාම ප්‍රමිතීකරණය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් විවිධ ආයතන හා විවිධ ක්ෂේත්‍ර වලට අයත් විද්වතුන් නියෝජනය වන පරිදි කමිටුවක් පත් කර ඇත. එම කමිටුව විසින් ශ්‍රී ලංකාවේ භූගෝලීය නාම ප්‍රමිතීකරණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.
භූගෝලිය නාම ප්‍රමිතීකරණය කිරීමේ කටයුතු ප්‍රධාන වශයෙන් අදියර දෙකක් යටතේ සිදු කිරීමට භූගෝලීය නාම ප්‍රමිතීකරණය කිරීමේ කමිටුව විසින් තීරණය කර ඇත.
මෙම අදියරේදී භූගෝලීය නාම රැස් කිරීම කරනු ලැබේ. නාම රැස් කිරීමේදී පවතින දත්ත ප්‍රභවයන් (පැරණි සිතියම්, ඡන්ද හිමි නාම ලේඛන, සංගණන වාර්තා, සම්පත් පැතිකඩ යනාදිය) භාවිත කරනු ලබන අතර ඊට අමතරව ග්‍රාම නිලධාරිවරුන් මාර්ගයෙන් ක්ෂේත්‍ර දත්ත එකතු කර ගනු ලැබේ. එසේ රැස් කරගත් දත්ත විශ්ලේෂණය කර වඩාත් යෝග්‍ය නාමය යෝජනා කිරීම හා සිතියම් ගත කිරීම මෙම අදියරේදී කරනු ලැබේ. දත්ත රැස් කිරීමේදී සිංහල හා දෙමළ යන භාෂාවන් දෙකෙන්ම අදාළ භූගෝලීය නාමයන් රැස් කරනු ලැබේ. එක් භාෂාවකින් පමණක් භූගෝලීය නාම පවතින අවස්ථා වලදී එය අනෙක් භාෂාවට / අක්ෂර පරිවර්තනය කර ගැනීම රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් සිදු කර ගනු ලැබේ.
I වන අදියරේදී යෝජනා කරන ලද නාමය සම්බන්ධව පලාත් පාලන ආයතනවල, මහජනතාවගේ සහ මේ සම්බන්ධව උනන්දුවක් දක්වන සියලු පාර්ශව වල අදහස් ලබා ගැනීමට අදහස් කරනු ලැබේ. එබැවින් මෙම වෙබ් අඩවිය මගින් මේ සම්බන්ධව උනන්දුවක් දක්වන සියලු පාර්ශව වලට තම අදහස් දැක්වීමට පහසුකම් සපයා ඇත. 1 වන අදියරේදී යෝජිත නාමයන් සම්බන්ධව අදහස් දැක්වීමට අමතරව එම අදියරේදී ඇතුළත් නොවූ තවත් අදාළ නාම තිබේ නම් ඒවාද යෝජනා කිරීමටද ඉඩ ප්‍රස්ථාව සලසා ඇත. මේ සම්බන්ධව උනන්දුවක් දක්වන සියලුම දෙනාගේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා මෙම වෙබ් අඩවිය මගින් පහසුකම් සපයා ඇත. එසේ අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීමට යම් කාලයක් ලබා දෙන අතර, ඒ අනුව ලැබෙන අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන අවසන් වශයෙන් ප්‍රමිතීකරණය කරන ලද නාමයන් සඳහා නිසි අනුමැතිය ලබා ගැනීමෙන් පසුව, සිංහල හා දෙමළ යන භාෂා දෙකෙන්ම මෙම වෙබ් අඩවිය මගින් එම නාම ප්‍රසිද්ධියට පත් කිරීමට කටයුතු කරනු ලැබේ.
මේ පිළිබඳව ඔබට වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් කරුණාකර පහත නිලධාරීන් අමතන මෙන් ඉල්ලමි.
1. ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරි (භූගෝලීය නාම)
මිනින්දෝරු දෙපාර්තමේන්තුව
අංක 150, බර්නාඩ් සොයිසා මාවත
නාරාහේන්පිට, කොළඹ 05.
දුරකතනය : 0112368599
2. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සර්වේයර් ජනරාල් (සිතියම්කරණ හා භූගෝලීය නාම)
මිනින්දෝරු දෙපාර්තමේන්තුව
අංක 150, බර්නාඩ් සොයිසා මාවත
නාරාහේන්පිට, කොළඹ 05.
දුරකතනය : 0112369586